sri-lanka-train-tours
explore-the-magical-upcountry-1493718866
previous arrow
next arrow

පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ නිළ වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිලිගනිමු!

සමනළ පියසින් පහස ලැබ සුනිල දිය දහරින් පෝෂිත මහවැලි නදිය මෙම භූමිය හරහා සුන්දර ලාලිත්‍යයකින් ගලාබසී. බුවනෙක රජ දවස සිරිපා නමස්කාරයට මෙම භූමිය හරහා වන්දනාකරුවන් ගමන් කල අතර ඔවුන්ගේ සුබසාධන අවශ්‍යතාවය සඳහා එකල ගම්පොළ රාජධානිය රජ කළ බුවනෙකබා රජතුමා විසින් මාර්ගය සනිටුහන් කිරීම සඳහා ගව්වෙන් ගව්ව බෝධි වෘක්ෂ රෝපණය කරන ලදි. මේ බව අඹගමුව ඓතිහාසික සෙල්ලිපියෙන්ද සනාථ වේ. මෙරට විදේශීය ආක්‍රමණයත් සමඟ සිදු වූ සමාජ, ආර්ථික ප්‍රගමනයන් නිසා කෝපි, රබර්, තේ, සිංකෝනා, කොකෝවා වැනි බෝග වානිජ වැවිල්ලක් ලෙස මෙරට ආර්ථීකය පෝෂණය කල යුගයේ පස්බාගේ කෝරළේ ප්‍රදේශයද ප්‍රබල නායකත්වයක් ලබා දී ඇත. සුන්දර තේ වතු, දර්ශනීය දියඇලි, විශ්මිත ජෛව පද්ධතියකට හිමිකම් කියන මෙම පරිශ්‍රය සංචාරක ආකර්ශණීය භූ විෂමතා වලින් අනූනය. එකිනෙක පරයන කඳු ශිඛර නරඹන්නන් වශී කරයි. බහු ආගමික ඇදහිලි පසුබිමකට හිමිකම් කියන සාමකාමි ජනතාවක් වෙසෙන මෙම ප්‍රදේශය විශ්මිත අනන්‍යතාවයකින් යුක්තය.

ලේකම්තුමාගේ පණිවුඩය

පස්බාගේ කෝරළේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ජිවත් වන සුවහසක් ජනතාවගේ සුඛ විහරණය සඳහා අපගේ දැක්ම හා මෙහෙවර ඵලදායීව යොදා ගැනිම මාගේ අපේක්ෂාවයි. පරිසර හිතකාමීව,නවීන තාක්ෂණය ඔස්සේ මහජන අවශ්‍යතා හදුනා ගනිමින් ඔවුන්ගේ අනාගත සුබ සිද්ධිය උදෙසා කටයුතු කිරිම මාගේත් මාගේ කාර්යය මණ්ඩලයේත් අභිලාෂයයි.ලබා ගත් ජයග්‍රහණ පාදක කොට ගනිමින් තව තවත් බල ප්‍රදේශයේ ජනතාවගේ දියුණුව උදෙසා කටයුතු කිරීමට මා බැඳි සිටින්නෙමි.
¥œ

දැක්ම

යහ ක්‍රියාකාරකම් තුලින් තිරසාර සංවර්ධනයක් කරා....

මෙහෙවර

අප සතු සම්පත් හා ප්‍රදේශය තුල ඇති සම්පත් උපයෝගී කරගනිමින් පොදු පරිපාලනය, සෞඛ්‍ය සේවා, භෞතික සැලසුම්, මංමාවත්, ඉඩම් හා ගොඩනැඟිලි , ජල සේවා, වෙනත් උපයෝගී සේවා , සුබසාධන සේවා පහසුකම්, ග්‍රාමීය ජනතාවගේ උපරිම ප්‍රයෝජනය සඳහා ඵලදායී ලෙස යෙදවීම....